දැන් ව්‍යවස්ථාදායකය හා විධායකය ජනතාව වෙනුවෙන් බව ජනතාව තේරුම් ගෙන අවසන් – නීතිඥ උදේනි වීරතුංග

දැන් ව්‍යවස්ථාදායකය හා විධායකය ජනතාව වෙනුවෙන් බව ජනතාව තේරුම් ගෙන අවසන් – නීතිඥ උදේනි වීරතුංග

වත්ම්න ආණ්ඩුව හොබවනුයේ මේ රටේ ව්‍යවස්ථාදායකය හා විධායකය විශාල පෙරළියක් ඇති කරමින් සමස්ත ජනතාව වෙනුවෙන්ම දේශපාලනය කරපු ව්‍යාපාරයක් බව ජනතාව තේරුම් ගෙන අවසන් බවත්, ඔවුන් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ හරහා අධිකරණයට බලපෑමක් හෝ පෞද්ගලික අත පෙවීමක් නොකරන බවත් එය රටේ ජනතාව අත්විඳිමින් සිටින බවත් නීතිඥ උදේනි වීරසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදේනී වීරතුංග,

“1977 පත්වුණු ආණ්ඩුව හා 1977 ව්‍යවස්ථාව විසින් ඇති අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ඇති කරපු බලපෑම් මත රටක් විදිහට කඩා වැටුණු තත්වයකදී සමානුපාතික ඡන්ද ක්‍රමයක දී තුනෙන් දෙකක බලයක් සහිත එක පක්ෂයකට එක්තැන්වූ ආණ්ඩුවක් බිහි වෙන්නේ. විධායකය බිහි කර ගන්නේ ඒ ආණ්ඩුවෙන්මයි. සමස්ත ජනතාව විසින් පත්කර ගත් ව්‍යවස්ථාදායකය හා විධායකය හරහා රටට අවශ්‍ය නීති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, හා ජනතාවට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණයේදී සියලූ ක්ෂේත්‍රයෙන් සම්බන්ධ ක්‍රියාවලීන්හිදී අවසාන තීරකයා වශයෙන් ඒවායේ ප්‍රශ්න යොමුවෙන අධිකරණයත් ස්වාධීන අධිකරණයක් බවට පත්වෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය හරහා, ලැබුණු බලය හරහා ඔවුන් බලාපොරොත්තු වූ රට හදන්න නම්, මේ දක්වා ක්‍රියාත්මක වුණු අධිකරණවල තිබුණු යම් යම් අඩුපාඩු ඒවාට ස්වාධීනව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම, සහ එකී අධිකරණ තුළ ක්‍රියාත්මක වන විනිසුරුවන්ගේ සහ පරිණත වූ දැනුම, පරිචය සමස්ත රට වෙනුවෙන් ආයෝජනය කිරීම වෙනුවෙන් ඔවුන් ගන්නා තීරණ ඉතා වැදගත් වෙනවා.

මේ රටේ ව්‍යවස්ථාදායකය හා විධායකය විශාල පෙරළියක් ඇති කරමින් සමස්ත ජනතාව වෙනුවෙන්ම දේශපාලනය කරපු ව්‍යාපාරයක් බව ජනතාව තේරුම් ගෙන අවසන්. ඔවුන් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ හරහා අධිකරණයට බලපෑමක් හෝ පෞද්ගලික අත පෙවීමක් නොකරන බව. එය රටේ ජනතාව අත්විඳිමින් සිටිනවා. ජනතාව ලබා දුන් බලය රටේ සියලු ක්ෂේත්‍රයෙන් නගා සිටුවීම වෙනුවෙන් අධිකරණය අදාළ කාර්යභාරයට ඉටු කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීම ඔවුන් කළ යුතුයි. පසුගිය ආණ්ඩු කළ ආකාරයෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අධිකරණයට අත පෙවීමක් සිදු නොකරන බව විශ්වාසයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්