22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන මුවාවෙමින් සමාජයේ යම් යම් දේශපාලන කණ්ඩායම් විසින් හා විවිධ කණ්ඩායම් විසින් විවිධ නිලධාරීන්ට ද්වේශ සහගතව ගෙනයමින් තිබෙන මඩ ප්‍රචාරයන් හමුවේ මුනිවත රකින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමණාකාරිත්වයේ ස්ථාවරයට විරුද්ධ වන බව නීතිඥ අනුරාධ කිරලවැල්ල අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අනුරාධ කිරලවැල්ල,
“22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන මුවාවෙමින් සමාජයේ යම් යම් දේශපාලන කණ්ඩායම් විසින් හා විවිධ කණ්ඩායම් විසින් විවිධ මාධ්‍ය හරහා අධිකරණයේ විවිධ නිලධාරීන්ට ද්වේශ සහගත මඩ ප්‍රචාරයන් ගෙනයමින් තිබෙනවා. ඒ මඩ ප්‍රචාරයන් හමුවේ මුනිවත රකින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකාරිත්වයේ ස්ථාවරයට විරුද්ධවෙමින් සහ අප්‍රසාදය පළ කරමින් අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.
සංශෝධනයට විරුද්ධ වෙන අයට නිරන්තරයෙන් ප්‍රකාශ කරන කරුණු කිහිපයක් තිබෙනවා. එයාලට තිබෙන ප්‍රශ්නයක් තමයි සංශෝධනය මගින් අධිකරණයේ තිබෙන නඩු කටයුතු ඉක්මන් වෙන්නේ කොහොමද කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ, පුරප්පාඩු හතරක් පවතිනවා. අභියාචනාධිකරණයේත් පුරප්පාඩු හතරක් පවතිනවා. සංශෝධනයෙන් අභියාචනාධිකරණයේ විනිසුරු තනතුරු හතරක් වැඩි කර තිබෙනවා. අභියාචනාධිකරණයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් හතරක් උසස් වීම් ලැබුවොත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු 12ක් ඇති වෙනවා. ඒ පුරප්පාඩු පිරවීම සඳහා මහාධිකරණයෙන් උසස් වීම් කිරීමේ දී මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ පුරප්පාඩු ගණනාවක් ඇතිවෙනවා. එහෙම වෙන්නේ මහාධිකරණ සහ දිසා අධිකරණවල පවත්වා ගෙන යාමේ ප්‍රශ්න ඇති වෙනවා. වගකිවයුතු රජයක් හැටියට දිගු කාලීන වැඩපිළිවෙළක් රජයට තියෙන්න ඕනෑ.
මේ සංශෝධනය මගින් විනිසුරුවරුන්ට අවුරුදු දෙකක විශ්‍රාම කාලය දිගු කිරීම තුළ ඉහළම අධිකරණයේ සිට පහළම අධිකරණයට සේවය කිරීමට කාලය ලැබීමෙන් මේ ප්රශ්නය සමනය කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් ඇති කිරීමට රජයට අවුරුදු දෙකක කාලයක් ලැබෙනවා. මේ වෙනවිටත් විනිශ්චයකාරවරුන් 33දෙනෙක් බඳවා ගැනීම් කර තිබෙනවා. තවදුරටත් බඳවා ගැනීම් කිරීමට රජයට අවස්ථාව ලැබෙනවා. මේ නඩු ඉක්මන් කිරිමට අමතරව මේ නඩුවල තීන්දුවලදී අත්දැකීම් බහුල, පරිණත විනිසුරුවරුන්ගේ සේවය සෑම අධිකරණයකටම ලබා ගැනීමේ හැකියාව මෙන්ම තීන්දුවල ගුණාත්මකභාවයද මහජනතාවට ලබාගත හැකි වෙනවා. මේ අය පවසන කරුණක් තමයි, හොංකොන්වල අග්රවිනිශ්චයකාරවරයෙක් ඒ රටේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධව ඉවත් වුණු බව. එය අමූලික බොරුවක්. එම විනිසුරවරයා වයස අවුරුදු 65දීම ස්වකැමැත්තෙන්ම සේවයෙන් ඉවත්වී ගියා. ඒ වගේම දේශීය ආදායම් බදු සම්බන්ධයෙන් පැවරූ නඩුවේදීත් ජනමත විචාරණයක් පවත්වන්න තීරණය කළා කියලා කීමත් ප්‍රශ්න සහගතයි. එහෙම දෙයක් නඩු තීන්දුවේ මූලික කරුණ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර නැහැ.
ඒ වගේම ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ජනමත විචාරණයක් පවත්වන අවස්ථා තුනක් තිබෙනවා. පළමු අවස්ථාව තමයි, 83 වගන්තියේ ප්‍රකාශිත ආකාරයට ජනමත විචාරණයක් පැවැත්වීම, දෙවන අවස්ථාව තමයි අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව හා තුන්වන අවස්ථාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ජනමත විචාරණයක් පැවැත්වීම. ඒ අනුව පළවැනි අවස්ථා දෙකේදීම ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය වන්නේ නැහැ. තුන්වැනි අවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු අනුව එහි තීරණය කුමක්ද කියා අපට බලන්න හැකිවේවි.
මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා ඇතුළු විනිසුරුවන්ට විශාල ලෙස මඩ ප්‍රචාරය කිරීමක් සිදුකරමින් තිබෙනවා. මේ විනිශ්චයකාරවරුන් විශාල කැපකිරීමක් කරමින් තමයි සිය සේවය ඉටුකරමින් ඉන්නේ. ඔවුන්ගේ සුවිශේෂී තත්වය සලකා දිය යුතු සියලූම වරප්‍රසාද රජය විසිනු ලබා දිය යුතු යයි අපි ඉල්ලා සිටිනවා. සමහරු අග්රවිනිශ්චයකාරතුමන්ට ඔහුගේ උපන් දිනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. උපන් දිනය සම්බන්ධයෙන් කිසිදු හෝ ප්‍රශ්නයක් නැහැ. එතුමා ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, මහාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු හැටියට, අභියාචනාධිකරණයේ සභාපතිතුමා විදිහට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙසට හා වර්තමානයේ අග්රවිනිශ්චයකාරවරයා හැටියට සේවය කරමින් ඉන්නවා. එතුමාගේ උපන් දිනය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැති බවට සහතික කොට කිව හැකියි. එතුමාගේ පිරිමි දරුවන් දෙදෙනා ඉතා සාර්ථක ලෙස නීති වෘත්තිය හදාරමින් ඉන්නවා. දියණියක් සම්බන්ධ කරමින් කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක්. එතුමා ඩොලර් ලක්ෂ පහකට එපාට්මන්ට් එකක් ගත්ත බවක් ප්‍රකාශ කරනවා. අපි එය ඉතා හොඳින් සොයා බැලුවා. එවැන්නක් සිදුකර නැහැ. කිසියම් හෝ පාර්ශ්වයකට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් එකට, එෆ්.සී.අයි.ඞී. එකට, වංචා විමර්ශන අංශයට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා.
එතුමා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්වූවාට පසු විශාල පරිවර්තනයක් දකින්න පුළුවන් වුණා. විශේෂයෙන් නඩු කටයුතු ඉක්මන් වීම. විනිශ්චයකාරවරුන්ගේ විනය කටයුතු සම්බන්ධ පරිවර්තනයක් සිදුවුණා. එතුමගේම සංකල්පයක් අනුව, වසර ගණනාවක් අධිකරණවල ගොඩගැසී තිබූ නඩු භාණ්ඩ නිශ්කාෂණය කොට රජයට විශාල ආදායමක් ලබා දෙන්න හැකියාව ලැබුණා. මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් නඩු පැවරීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එතුමාගේ කිසිදු සම්බන්ධයක් නැහැ.”










