මනූෂට එරෙහි විමර්ශන අවසන් – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

මනූෂට එරෙහි විමර්ශන අවසන් – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් තුළින් “දූෂණය” නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති මනූෂ නානායක්කාරට එරෙහිව සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම විසින් අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී මනූෂ නානායක්කාරට අදාළ විමර්ශන කටයුතු අවසන් කර එහි විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත.

ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටද එම නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නඩුකරය යළි දෙසැම්බර් මස 18 වැනිදා කැඳවීමට නියෝග කර තිබේ.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී තමන්ට දේශපාලනික වශයෙන් හිතවත් පිරිසක් තෝරාගෙන යැවීම තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කර “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු ඇමති මනූෂ නානායක්කාරට එරෙහිව මෙම විමර්ශනය පවත්වා තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්