බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් අධ්‍යක්ෂක මුත්තුරාජාට ඇප

බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් අධ්‍යක්ෂක මුත්තුරාජාට ඇප

මහ බැංකුවේ 2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල සිදු වූ බැඳුම්කර වෙන්දේසි දෙකෙදී රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වූ මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කර තිබේ.

මෙම බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයින් ලෙස රනිල්+මෛත්‍රී ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති රවී කරුණානායක, මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්, රංජන් හුලුගල්ල, අජාන් ගාර්දිහේවා පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිල්ලේ කුමරනාදන්, ඉන්දික සමන් කුමාර සහ පර්පෙචුවල් ට්‍රෙශරීද් නම් කර ඇත.

මෙහි සැකකරුවන් 07 දෙනෙකු අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම් හතට අදාළව නිකුත් වූ නියෝගය සුවිශේෂී කරුණක් ලෙස සළකන බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු එලෙස ඇප මත මුදා හැර තිබේ.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වූ මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් 07 වැනිදා ය. පසුව අධිකරණය මගින් සැකකරු අද තෙක් රක්ෂිත බාරයට පත්කරනු ලැබ තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්