ෆොන්සේකාට සහ රාජිතට එරෙහිව විශේෂ පරීක්ෂණයක්

ෆොන්සේකාට සහ රාජිතට එරෙහිව විශේෂ පරීක්ෂණයක්

කොරෝනා වයිරසය ආසාදනය වීම සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට සහ රාජිත සේනාරත්න මහතාට එරෙහිව පොලිස් මුලස්ථානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙරටදී පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති බවට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිවත් පාසල් සිසුන් 10 දෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිවත් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්