සජිත් නිවාස ඇමතිකමට අමතරව සංස්කෘතියත් ඉල්ලයි

තමන්ට නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයට අමතරව සංස්කෘතික ඇමති ධුරයද ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ඔහු සෘජුවම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බවත් විවිධ පාර්ශවයන් යොදා බලපෑම් කරමින් සිටින බවත් වැඩි දුරටත් වාර්තා වේ.

පුරාවිද්‍යා බිම් අයිතිව පවතින්නේද සංස්කෘතික අමාත්‍යාංශය සතුවය.

එමෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පුරාවිද්‍යා කැනීම් සිදුකරන අනියම් කම්කරුවන් ලෙස පත්වීම් ලබාදී තම පාක්ෂිකයන්ගෙන් පිරවීම කාලයක් තිස්සේ සිදුවෙන අතර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී හිටපු සංස්කෘතික අමාත්‍ය ටී.බී ඒකනායක මහතා මෑන්පවර් ආයතනක් පිහිටුගෛන ඒ හරහා කම්කරුවන් සැපයීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියේය.

එමෙන්ම පැවති මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අමාත්‍යාශය භාරව සිටි අකිල විරාජ් කාරියවසම් මහතාද විශේෂයෙන් තම බල ප්‍රදේශය වූ කුලියාපිටිය ප්‍රදේශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් සඳහා රැකියා ලබාදීමේ ස්ථානයක් බවට මෙම සංස්කෘතික අමාත්‍යාංශය පත් කරගෙන තිබිණි. අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පමණක් රැකියා 3000ක් පමණ මෙම අමාත්‍යාංශය භාවිතා කරමින් ලබා දී තිබිණි.

දැන් එම ආදර්ශයටම යමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සඳහා රැකියා ලබාදීමේ තෝතැන්නක් බවට පත් කිරීමේ අරමුණද මෙලෙස එම අමාත්‍යාංශයම ඉල්ලීම තුළ ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn