මහින්ද පිලට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය එක්සත් ජාතික පක්ෂයේ, මෛත්‍රී පිලේ සහ ස්වාධීන කන්ඩායමේ සහයෝගයෙන් සම්මත කරගැනීමට කටයුතු කර තිබේ.
එම අයවැයට විරුද්ධව ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් ඡන්දය භාවිතා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු පමණක් එදින සභාවට පැමිණ නැත.
ජවිපෙ මන්ත්‍රී වරුන් වන නීතිඥ රෝහණ සම්පත් මද්දගේ මහතා සහ අනුරුද්ධ මහවැලි මහතා සඳහන් කර සිටියේ සභා බලප්‍රදේශයේ 2019 වර්ෂය සදහා වන සංවර්ධන පිරිවැය සම්බන්ධයෙන් ගනන් බැලීමෙදී එක් පුද්ගලයෙක්ට වෙන් කර ඇත්තේ රුපියලයි ශත 22ක් පමණක් බවයි.
මෙම සභාවේ සංයුතිය පිහිටා ඇත්තේ මහින්ද පිලට මන්ත්‍රීවරු 18කුත්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 08කුත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 03කුත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 02කුත්, ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරු 03කුත් ලෙසය.
21










