ඉන්ධන මිල සූත්‍රය අහෝසියි –  මින් මතු තෙල් මිල වැඩිවීමක් නැහැ

ඉන්ධන මිල සූත්‍රය අහෝසියි –  මින් මතු තෙල් මිල වැඩිවීමක් නැහැ

මෛත්‍රී – මහින්ද ආණ්ඩුව මගින් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකරන බවත් මින් ඉදිරියට ඉන්ධන මිල වැඩිවීමක් සිදු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා…

“ජනතාව මින් පසු යක්ෂයාගේ දිනයට භය වෙන්න ඕනේ නැහැ. යක්ෂයාගේ දිනය 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට භය වෙන්න එපා, තැති ගන්න එපා. මිල සූත්‍රය මීට පස්සේ මල සූත්‍රයක් බවට පත්වේවි”, යැයි ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn