අපරීක්ෂාකාරීව රිය අනතුරක් සිදු කරමින් යතුරුපැදිකරුවකු හප්පා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂාන් රමිත් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා අද (30) වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම සිද්ධියට අදාල නඩුව අද (30) කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සැකකරු අද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරන්ජන් ඊරියගොල්ල මහතා අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කර ඇත්තේ සැකකරු අසනීපයෙන් සිටින බවයි.
නමුත් ඊට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම මත මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
රමිත් රඹුක්වැල්ල මහතා, මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාය.
13










