එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද (30) පස්වරුවේ මෛත්‍රී – මහින්ද ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන තිබේ.
ඒ අනුව ඔහු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.
ඔහු මිට පෙර මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති ලෙසද කටයුතු කළේ ය.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්වන අතුරලියේ රතන හිමි සහ ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, විජේදාස රාජපක්ෂ, වඩිවෙල් සුරේෂ් යන මන්ත්‍රීවරු ඇතුළු මන්ත්‍රීවරු 06 දෙනෙකු මෛත්‍රී – මහින්ද ආණ්ඩුව සමග එක්වී ඇත.
86










