තම පවුල රක්ෂා කිරීම සදහා නෙළුම් මල් කැඩීමට ඊයේ (29) පස්වරුවේ ගිය මාරවිල – හාල්පන්විල පදිංචි සිටි මෙත්තසිංහ ආරච්චිලාගේ නලීන්ද රෝහණ නැමැත්තෙකු වැවක ගිලී මියයාමේ ප්‍රවෘත්තියක් වාර්තාවේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47ක තිදරු පියෙකි.
මිය ගොස් ඇති පුද්ගලයා නෙළුම් මල් කඩා ගෙනවිත් ඒවා අලවි කර ජීවිකාව කර ගෙන ගිය අයෙකි. පසුගිය 29 වැනිදා සවස ඔහු නෙළුම් මල් කැඩීම සදහා මාරවිල – හාල්පන්විල වැවට ගොස් ඇත. නෙළුම් මල් කැඩීමට ගිය ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් සොයා බලන විට දියේ ගිලී මිය ගොස් සිටි ඔහුගේ මළ සිරුර හමුවී ඇත.
මාරවිල හදිසි මරණ පරීක්ෂක නීල් ගරුනායක මහතා එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළ සිරුර මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ලක්බිම
10











