රුපියල තවත් කඩාවැටෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) වනවිට තවදුරටත් පහළ ගොස් තිබේ.

පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.81ක් වූ අතර එහි ගැනුම් මිල 158.61ක් ළුී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියේදී 161.50 ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිකුරාදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 161.78ක් ලෙස දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  4.7%කින් අවප්‍රමාණය වී ඇත.

Facebook
Twitter
LinkedIn