බරපතල මූල්‍ය අපරාධ සහ වංචා දූෂණ නඩු විභාග කිරීමේ මහාධිකරණය අද විවෘත වෙයි

බරපතල මූල්‍ය අපරාධ සහ වංචා දූෂණ නඩු විභාග කිරීමේ මහාධිකරණය අද විවෘත වෙයි

බරපතල මූල්‍ය අපරාධ සහ වංචා දූෂණ සහ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන් අද (21) විවෘත වේ.

මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් සහ ආදායම් ගැන නඩු කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 03කින් සමන්විත විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ඒ අනුව විශේෂ මහාධිකරණය පිහිටුවනු ලැබිණි.

මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනය කරන විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඊට මහින්ද පිලේ දැඩි විරෝධයක් එල්ල විය.

එහි විනිසුරුවරුන් ලෙස සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන් කටයුතු කරන අතර මෙහි පළමු නඩුව එළඹෙන 24 වන දා කැදවීමට නියමිතය.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එදිනට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා සිතාසි නිකුත් කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn