මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රධාන පීඨ 07ක් සඳහා අවශ්‍ය ආචාර්යවරුන්ගේ 106ක පුරප්පාඩුවක් පවතින බව අද (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබා දුන් පිළිතුරෙණි.
ඒ අනුව මානව සාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ආචාර්යවරු 141ක් සිටිය යුතු අතර එහි අචාර්යවරු 13ක පුරප්පාඩුවක් පවතින බවත් කලමණාකරන අධ්‍යන හා වාණිජ විද්‍යා පිඨයේ ආචාර්යවරු 203ක් සිටිය යුතු අතර ඉන් ආචාර්යවරු 35ස්දෙනෙකුගේ පුරප්පාඩුවක් පවතින බවත් එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආචාර්යවරු 129ක් සිටිය යුතු අතර ඉන් ආචාර්යවරු 15ක පුරප්පාඩුවක් පවතින බවත් වෛද්‍ය පීඨය සඳහා ආචාර්යවරු 156ක් සිටිය යුතු වන අතර ඉන් ආචාර්යවරු 26ක පුරප්පාඩුවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉංජිනේරු පීඨයේ ආචාර්යවරු 15ක් සිටියයුතු අතර ඉන් ආචාර්යවරු 08කගේ පුරප්පාඩුවක් පවතින බවත් තාක්ෂණ පීඨයේ ආචාර්යවරු 17ක් සිටිය යුතු අතර ඉන් ආචාරවරු 09දෙනෙකුගේ පුරප්පාඩුවක් පවතින බවත් එහිදී අමාත්‍යරයා පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාලවලට ආචාර්යවරු 106ක් පුරප්පාඩුයි
විශ්වවිද්‍යාලවලට ආචාර්යවරු 106ක් පුරප්පාඩුයි
Posted by Lanka Truth on Tuesday, January 24, 2017









