සලේගේ බිරිඳ ජනාධිපති අනුරට දුක කියයි

සලේගේ බිරිඳ ජනාධිපති අනුරට දුක කියයි

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වා ගෙන යන විමර්ශන සඳහා අත්තඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ නොකර ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

සුරේෂ් සලේගේ බිරිඳ මනෝරි සලේ පසුගිය 20 වෙනි දින එම ඉල්ලීම කර තිබේ. තම සැමියා අදාළ විමර්ශනවලට සහයෝගය දක්වන බවත්, එම නිසා යළි රඳවා ගැනීමේ නියෝග නිකුත් නොකර අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එමගින් ඉල්ලා සිටී. රැඳවුම් නියෝග යටතේ මේ දක්වා රඳවා ගෙන සිටි කිසිදු පුද්ගලයෙකු හට ලබා නොදුන් සුවිශේෂී අවස්ථාවක් සුරේෂ් සලේ වෙත ලබා දී අධිකරණ විනිසුරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දැඩි සුපරීක්ෂණය යටතේ රඳවා ගෙන සිටී.

මේ අතර, තවත් කණ්ඩායමක් පසුගිය දිනයක ශ්‍රී ලංකා පදනම් ආයතනයට එක්වී සුරේෂ් සලේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයක ප්‍රචාරයක් ලබා දීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඔහුගේ බිරිඳ, පුතා සහ සොහොයුරා යොදා ගනිමින් දියත් කළ මාධ්‍ය මෙහෙයුමෙන් පසුව ඔවුන්ව අත්හැර දමනු ලැබීය.

Facebook
Twitter
LinkedIn