හිටපු කතානායකට තෙල් ලීටර් 6000ක්

හිටපු කතානායකට තෙල් ලීටර් 6000ක්

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන 2024 වසරේ මාසිකව ඉන්ධන ලීටර් 6,122ක් ලබා ගෙන ඇති අතර, එය 2022 වසරට සාපේක්ෂව 155%ක වැඩි වීමක් බව විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ.

සාමකාමී මහජන අරගලයෙන් දූෂිත පවුල් පාලනය පන්නා දැමීමෙන් පසුව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව යටතේ මේ ආකාරයේ අන්ත දූෂිත ආකාරයෙන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. 2023 වසරේ දී සාමාන්‍ය මාසික ඉන්ධන පරිභෝජනය ලීටර් 3,994ක් වූ බවත්, එය 2024 6,122ක් දක්වා තව දුරටත් ඉහළ දමා ගෙන ඇති බවත් එම විගණන වාර්තාවෙන් හෙළි කර ගෙන ඇත.

ඊට අමතරව, එවකට සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය ඔහුගේ පෞද්ගලික වාහනයක් සඳහා රුපියල් 8,545,037ක ඉන්ධන ලීටර් 21,299ක් ලබා ගෙන ඇති බව වැඩි දුරටත් හෙළි වී තිබේ. නියෝජ්‍ය කතානායක වෙත නිල වශයෙන් ලබා දී ඇති වාහන තුනට අමතරව, මෙම වාහනය භාවිතා කර තිබේ.

Facebook
Twitter
LinkedIn