එළඹෙන ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ක්රමානුකූල සැලසුම් දියත් කර තිබේ.
පසුගිය 22 වෙනිදා එංගලන්තය පරාජයට පත් කරමින් ශ්රී ලංකාව ලබා ගත් අති විශිෂ්ඨ ජයග්රහණයත් සමඟ ක්රීඩකයන්ගේ මානසිකත්වය උසස් මට්ටමකට පැමිණ ඇති අතර, ක්රිකට් පරිවර්තනීය කමිටුව මෙතෙක් ඉටු කළ කාර්යභාරය ද ඵලදායී අන්තයක් වෙත ගමන් කරමින් සිටී.
එම පරිවර්තනීය කමිටුවේ සභාපති එරාන් වික්රමරත්න සහ එම කමිටු සාමාජිකයින් වන සිදත් වෙත්තමුනි හා රෝෂාන් මහානාම මාධ්ය හමුවේදී දැක්වූ කරුණු සහිත වීඩියෝව පහත දැක්වේ.
Views: 21










