තරු 5 හෝටල්වල කිච වූ කස්සප භික්ෂුව මහානායක හිමිවරුන්ව පාවා දෙයි

තරු 5 හෝටල්වල කිච වූ කස්සප භික්ෂුව මහානායක හිමිවරුන්ව පාවා දෙයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙරමුණට දමා බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් පිරිසක් ගෙන ගිය කුමන්ත්‍රණකාරී විරෝධතාව තරු 5 හෝටල් දක්වා දියත් කර තිබිණි.

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ඇතුළු අන්තවාදී දේශපාලඥයන් සමඟ බලංගොඩ කස්සප ඇතුළු භික්ෂුන් කිහිප දෙනෙකු තරු 5 හෝටල් තුළ සැරිසරන ආකාරය සාක්ෂි සහිතව හෙළි විය. කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ නීති විරෝධීව රැඳී සිටිමින් ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග ඊයේ (25) රාත්‍රියේ ප්‍රකාශයක් කරමින් මහානායක හිමිවරුන් පාවාදීමෙන් අවසන් කරනු ලැබීය.

බලංගොඩ කස්සප භික්ෂුව “ඒ වගකීම මහානායක හාමුදුරුවරු ගන්නවා කියලා දැනුම් දුන්නා.” යනුවෙන් බලංගොඩ කස්සප භික්ෂුව ප්‍රකාශ කළ අතර, උලපනේ සුමංගල භික්ෂුව ද ඒ හා සමාන ම ප්‍රකාශයක් කර තිබිණි. මහානායක හිමිවරුන් නිකුත් කළ ලිපිය සහ බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිස එම ලිපියේ අදහස විකෘති කරමින් අදහස් දැක්වූ වීඩියෝව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn