අලි මරණ ගැන ඇත්ත මොකක්ද?

අලි මරණ ගැන ඇත්ත මොකක්ද?

වන අලින් ඝාතනය කිරීම පිළිබඳව විපක්ෂය විසින් විශාල විකෘති සහ බොරු ප්‍රචාර ප්‍රමාණයක් දියත් කර තිබූ අතර, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කරන ලද ඵලදායී ව්‍යාපෘති රැසක් පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.

2023 වසරේ සිට 2026 ඔක්තෝබර් 16 දින දක්වා ඍජු වක්‍ර මිනිස් ක්‍රියාකාරීත්වය නිසා සිදු වූ වන අලි මරණ සංඛ්‍යාව වේගයෙන් පහත වැටී තිබේ. මෙහි වක්‍ර ක්‍රියාකාරීත්වය යනුවෙන් දුම්රියේ ගැටී සිදු වූ වන අලින්ගේ මරණ ද ඇතුලත් ය. එය 2023දී 24ක්, 2024 දී 11ක්, 2025දී 21ක් සහ මේ වසරේ මේ දක්වා 3ක් දක්වා වේගවත් ලෙස අඩු කර ගෙන තිබේ.

ඊට අමතරව, වෙඩි තබා ඝාතනය කළ අලි මරණ 2023 දී 98ක්, 2024 දී 84ක්, 2025 දී 79ක් සහ මෙම වසරේ මේ දක්වා 42ක් වී තිබේ. විදුලි රැහැන් ඇදීමෙන් 2023 දී 72ක්, 2024දී 56ක්, 2025දී 69ක් සහ මෙම වසරේ මේ දක්වා 32ක් වී ඇත.

හක්කාපටස් තැබීමෙන් 2023 සහ 2024 වසර දෙකේදී 52ක් බැගින් මිය ගොස් සිටි අතර, 2025 එම සංඛ්‍යාව 56ක් විය. මෙම වසරේ එම සමංඛ්‍යාව 33කි.

රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව අලි පිළිබඳ විශේෂඥයින් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn