ගිනි අවි සමග සැකකරුවෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට…

ගිනි අවි සමග සැකකරුවෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට…

මාවනැල්ල, කිරිගල හන්දිය ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වැටලීමකදී පිස්තෝල හා උණ්ඩ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, මැගසින් 05ක්, ඊයම් බෝල 156ක් හා බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 20ක් සොයා ගෙන ඇත.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි මුරුතවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැය 72ක රැඳවුම් නියෝග ගෙන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව, පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්