ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අද (23) ප්රතික්ෂේප කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් රාජපක්ෂට ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්රකාශයට පත් කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂ වන ජානකී සිරිවර්ධන යන අය ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.










