ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්නගෙන් ගල් අගුරැ කොමිසම අද (23) පැය තුනකට වැඩි කාලයක් ප්රශ්න කර ප්රකාශයක් සටහන් කර ගෙන තිබේ.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති.
ගල්අඟුරු අක්රමිකත සම්බන්ධයෙන් 2009 සිට කරුණු සොයා බැලීමට ජනාධිපති අනුර දිසානායක විසින් මෙම කොමිෂන් සභාව පත් කරන ලදී.
සැපයුම්කරුට වාසි දායක ලෙස මුල් ගිවිසුමේ කොන්දේසි වෙනස් කර ගල් අඟුරු සමාගමේ සභාපති ලෙස මෛත්රී ගුණරත්න අත්සන් කළ ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57 න පාඩුවක් සිදුව ඇති බවටද මේ වනවිට මෙම කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
ඒ අනුව, 2015 – 2016 වසර සදහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගායට ගල් අඟුරු මිලදී ගැනීම සදහා Liberty Commodities නමැති සමාගම සමග අත්සන් කරන ලද ගිවිසුමක කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන්, එක්සත් ජනපද ඩොලර් 1,575,630 ක පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
ගෙන්වීමට අවශ්ය ගල් අගුරුවල ප්රමිතිය, අවසන් ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ දී අදාල සමාගමට වාසි වන ලෙස වෙනස් කිරීම හරහා මෙම දැවැන්ත මූල්ය පාඩුව රජයට සිදුව තිබෙන බව අනාවරණය වී තිබිණ.










