බලංගොඩ කස්සප භික්ෂුව මුහුණ ආවරණය කර ගනිමින් තරු පහේ හෝටල්වලට ඇතුළු වී සිදු කරන ලද ක්රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට සමාජ මතයක් නිර්මාණය වී තිබේ.
අන්තවාදීන් පිරිසක් මහනුවර සිට කොළඹ දක්වා පා ගමනින් පැමිණ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට විවිධ උත්සාහයක් දරනු ලැබීය. ඒ අතරින් ප්රධාන උත්සාහය වී තිබුණේ පස්යාල ප්රදේශයේදී යතුරුපැදිකරුවෙකු සහ ලොරි රියදුරෙකු අතර ඇති වූ ගැටුමක් ආණ්ඩුව විසින් එල්ල කරන ලද ප්රහාරයක් ලෙසින් සමාජ ගත කිරීමට උත්සාහ කිරීමයි. ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමන පැමිණීමේ දී දිගින් දිගටම වෛරී ප්රකාශ රැසක් සිදු කරනු ලැබීය.
එහෙත්, රජයේ සාමකාමී ප්රතිචාරයත් සමඟ සමස්ත ජනතාව රජයේ ක්රියාමාර්ග අනුමත කරමින් නිහඬ ප්රතිචාරයක් දක්වනු ලැබීය. අවසානයේ දී කොළඹ විහාර මහ දේවී උද්යානයේ සමාධි පිළිමය අසලට රැස් වූ බලංගොඩ කස්සප ඇතුළු කිහිප දෙනෙකු නැවත වටයකින් වෛරී ක්රියාමාර්ග දියත් කර තිබිණි. එය ද අසාර්ථක වන පසුබිමක දී සරත් වීරසේකර ඇතුළු රාජපක්ෂ කඳවුරේ අන්තවාදී දේශපාලඥයන් සමඟ මුහුණ වසා ගෙන ගොස් පැවැත්වූ සාකච්ඡා මොනවා දැයි දැඩි ප්රශ්න කිරීමක් සමාජ මාධ්ය විචාරකයින් විසින් එල්ල කර තිබේ.
එවැනි කුමන්ත්රණකාරී හැසිරීමක වීඩියෝ දර්ශන පොදු මහජනතාවගේ අවධානය පිණිස මුදා හැරීම පෞද්ගලිකත්වය උල්ලංඝණය නොකරන්නක් බව ද එම විචාරකයන්ගේ නිගමනය වී තිබේ.










