රාජපක්ෂලාගේ ඔක්තෝබර් කුමන්ත්‍රණය

රාජපක්ෂලාගේ ඔක්තෝබර් කුමන්ත්‍රණය

මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්වී 2018 ඔක්තෝබර් 26 වෙනි දින දියත් කළ කුමන්ත්‍රණය පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරය සඳහා මූලික අඩිතාලම සපයනු ලැබීය.

නාමල් කුමාර නැමැත්තෙකු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ යැයි පැවසීය. එය පදනම් කර ගනිමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අග්‍රාමත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහව නෙරපා හැර මහින්ද රාජපක්ෂව එම ධුරයට පත් කරනු ලැබීය. එය දින 52 ඔක්තෝබර් කුමන්ත්‍රණය ලෙසින් මෙරට දේශපාලන ඉතිහාසයට එක් වී තිබේ.

නාමල් කුමාර විසින් පවසන ලද හඬපට ප්‍රකාශය මූලික කර ගනිමින් සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් තිබූ ත්‍රස්ථ විමර්ශන ඒකකයේ (TID) එවකට හිටපු ප්‍රධානී නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්තඩංගුවට ගෙන අදාළ විමර්ශන කඩාකප්පල් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 අප්‍රේල් 21 වෙනි දින පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට බාධා ඉවත් කර දුන් අතර, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ නාමයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට ඉදිරිපත් විය.

Facebook
Twitter
LinkedIn