නාමල්ව හොඳටම හිරකර ජොන්ස්ටන් ගෙදර යයි

නාමල්ව හොඳටම හිරකර ජොන්ස්ටන් ගෙදර යයි

පසුගිය කාලයේ සිදු කරන ලද මූල්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙසින් අර්ථකථනය කරමින් සිටි බොහෝ පිරිසකට දැඩි බලපෑමක් සිදුවන ආකාරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු ක්‍රියා කර තිබේ.

වාහනයක් ආනයනය කිරීමේදී ගෙවිය යුතු ආනයන බදු නොගෙවා ලබා ගත් සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීම පිළිබඳව ඊයේ (28) අධිකරණයේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් වරද පිළිගනු ලැබීය. ඔහු එසේ වරද පිළිගැනීමත් සමඟ නාමල් රාජපක්ෂ දැඩි අසීරුතාවයකට පත් වෙන බව නිරීක්ෂකයින් පෙන්වා දෙති. රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන නාමල් රාජපක්ෂ තමන් මහින්ද රාජපක්ෂගේ පුතා වීම නිසා දේශපාලන පළිගැනීමකට ලක් වී ඇති බවත්, තම පාලනයක් යටතේ අදාළ පුද්ගලයින් හට දඬුවම් ලබා දෙන බවටත් විවිධ අවස්ථාවල දී ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි වහසිබස් දෙඩීම් ජොන්ස්ටන් ප්‍රනාන්දු ද පසුගිය කාලයේ දිගින් දිගටම සිදු කරනු ලැබීය. එහෙත් අදාළ වැරදි සම්බන්ධයෙන් අධිකරණ නඩු විභාගවල දී තමන් හුදකලාවීම තුළ වරද බාර ගැනීමට පෙළඹී තිබේ. හිටපු අමාත්‍යවරයෙකු වන ඒ. එච්. එම්. ෆවුසි ද වරද පිළිගැනීම මත අධිකරණ නියෝග අනුව ජාතියෙන් සමාව ගැනීම සඳහා පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn