පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ චූදිතයන් 25කට එරෙහි විභාගයේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (24) තීන්දු කර තිබේ.
පාස්කු නඩුවේ විත්තියේ දේශණ අද සවස 6.00ට පමණ අවසන් කර ඇති අතර, දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 08 වැනිදාට ලබා දෙන ලෙසට මෙහිදී අධිකරණය නියෝග කර ඇත.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහගේ සභාපතිත්වයෙන් සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් ඉදිරියේදී මෙම නඩුව විභාගයට ගනු ලැබිණි.
මෙහි පැමිණිල්ලේ නඩු විභාගය පසුගිය 13 වනදා පස්වරුවේ අවසන් විය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට කුමන්ත්‍රණය කිරීමේ ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23,270ක් මෙහි විත්තිකරුවන්ට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබිණි.
138










