ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනය සඳහා ගෝලීය බලශක්ති සමාගම්වලට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සංවර්ධන අධිකාරිය (PDASL) මගින් හෙට (25) පෙරවරු 10.00ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
“Sri Lanka Licensing Round 2026” බලපත්‍ර වටය යනු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනය සඳහා ගෝලීය බලශක්ති සමාගම්වලට ආරාධනා කිරීමේ උපායමාර්ගික පියවරකි.
මේ දක්වා සිදු කර ඇති ගවේෂණ කටයුතුවලින් බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ ප්‍රයෝජනයට ගත හැකි වායු තැන්පතු පවතින බව තහවුරු වී ඇති බවත් මෙම සම්පත් නිසි වේලාවට සංවර්ධනය කිරීම මගින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන බවත් එය රටේ කාර්මික වර්ධනයටද විශාල රුකුලක් වනු ඇති බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) පවසයි.










