වරාය නගරයට තවත් ඩොලර් බිලියන 02ක ආයෝජනයක්…

වරාය නගරයට තවත් ඩොලර් බිලියන 02ක ආයෝජනයක්…

ඉදිරි වසර පහ ඇතුළත කොළඹ වරාය නගරය වෙත තවත් අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය ඉලක්ක කර ඇති බවත් මේ වන විටත් ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු කරගෙන ඇති බවත්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

මෑතකදී ඔස්ට්‍රේලියාවේ පැවති ආයෝජන සමුළුවකදීද වරාය නගරය ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙස ඉදිරිපත් කළ බවත් ඔහු සඳහන් කරයි. Ansell, Horizon Group USA, IGT1, KPMG සහ GAC Services වැනි ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් දැනටමත් වරාය නගරය හා සම්බන්ධ වී මෙහෙයුම් ආරම්භ කර ඇත.

මීට පෙර ලබාදී තිබූ අධික බදු සහන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සංශෝධනය කර ඇති බවත් ආයෝජන ආකර්ෂණය සඳහා බදු සහනවලට අමතරව උසස් අන්තර්ජාල පහසුකම්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ ඩුබායි හෝ සිංගප්පූරුවට සාපේක්ෂව අඩු ජීවන වියදම විශාල වාසියක් වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මීට අමතරව ප්‍රධාන පෙළේ නිවාස ව්‍යාපෘති දෙකක්, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුනක්, හෝටලයක් සහ සම්මන්ත්‍රණ ශාලාවක්ද මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්