නීතිපති දෙපාර්තමේන්තුවේ සැලකිය යුතු මානව සම්පත් හිඟයක් පැවතියද පසුගිය 2025 වර්ෂයේ දී නඩුගොනු 5,245ක වැඩ කටයුතු අවසන් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වේ.
ඒ අනුව සිවිල් ශාඛාවේ නඩුගොනු 530ක් අවසන් කරනු ලැබ ඇති අතර රජයේ නීතිඥ ශාඛාවේ නඩුගොනු 07කත් අපරාධ අංශයේ නඩුගොනු 1,813කත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුගොනු 60කත් සහ ව්‍යාපාර ආයතන අංශයේ නඩුගොනු 474කත් කටයුතු අවසන්කොට ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ළමා අපයෝජන නඩු ඒකකයේ නඩුගොනු 1,326ක සහ මහජන පෙත්සම් ඒකකයේ නඩුගොනු 1,035ක කටයුතුද 2025දී අවසන් කර තිබූ බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Views: 0










