අධිකරණයට අපහාස කරලා – විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරයි…

අධිකරණයට අපහාස කරලා – විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරයි…

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය අධිකරණයට අපහාස කර තිබන බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව නිකුත් කළ ප්‍රකාශ තුළින් මෙම පිරිසක අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය 05 වනදා තීරණය කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබී ඇත්තේ, උක්ත සැකකරුවන් 2024 අංක 08 දරණ, අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝණය කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවටය.

ඒ අනුව, සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකදී කළ ප්‍රකාශ තුළින් හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංස, උදය ගම්මන්පිල, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන සුගීශ්ව බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහින්ද පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන අය අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන තීරණය කර තිබිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්ථාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත් එදින මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර තිබුණේ මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා මේ පිළිබද අභියාචනාධිකරණයට දන්වා යැවීමට කටයුතු කරන බවය.

ඒ අනුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය අධිකරණයට අපහාස කර තිබන බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ වනවිට අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්