බිල්ලන් මැවීම කුඩු කරයි – විනිසුරුවරයෙකු සියල්ල හෙළි කළ හැටි මෙන්න

බිල්ලන් මැවීම කුඩු කරයි – විනිසුරුවරයෙකු සියල්ල හෙළි කළ හැටි මෙන්න

අධිකරණ පද්ධතිය ජනතා හිතවාදීව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රතිසංස්කරණවලින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව හිටපු විනිසුරුවරයෙකු වන සාලිය පෙරේරා පෙන්වා දී තිබේ.

චමින්ද ගුණවර්ධන පවත්වා ගෙන යන ගුණේ අයියාගේ කාමරේ යූටියුබ් නාලිකාව එම විනිසුරුවරයා සමඟ කළ සාකච්ඡාවකදී වැදගත් කරුණු රැසක් හෙළි කර තිබිණි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව සහ ඵලදායිව සිදු කිරීම සඳහා යෝජිත සංශෝධනවලින් විශාල පිටුබලයක් ලැබෙන බව ඔහු පෙන්වා දී තිබේ.

ප්‍රාථමික අධිකරණ සඳහා සුදුසුකම් ලත් නව විනිසුරුවරුන් බඳවා ගැනීමෙන් පසුව පුහුණු කිරීමේ ආයතන ලබා දෙන න්‍යායික පුහුණුවෙන් පසු විනිශ්චය ආසනයේ පුහුණුව ජේෂ්ඨ විනිසුරුවරයෙකු යටතේ ලබා දීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දී ඇත. හිටපු විනිසුරු සාලිය පෙරේරා අවධාරණය කරන්නේ එම ධුරයේ වගකීම විනිශ්චය ආසනයට පමණක් සීමා නොවී ඉන් පිටුපස තවත් පරිපාලන ක්‍රියාවලි රැසක් පවතින බව ය. එම සාකච්ඡාව ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn