රාජපක්ෂලා සඳළු තලයෙන් වැටුණු හැටි නාමල් සිහි කැඳවයි…

රාජපක්ෂලා සඳළු තලයෙන් වැටුණු හැටි නාමල් සිහි කැඳවයි…

ජනතාව දැවැන්ත පීඩාවකට පත්ක රමින් රාජපක්ෂ පවුල් පාලනය අසීමිත වරප්‍රසාද බුක්ති විඳි අතර එම වරප්‍රසාද ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය.

එහෙත් නාමල් රාජපක්ෂ එම අතීතය අමතක කරමින් ජනතාව හමුවේ බොරු පුරසාරම් දෙඩීමට පටන් ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් අනීතිකව රැඳී සිටි රජයේ නිල නිවාසයෙන් ඉවත් කළ හොත් කොළඹ වටලන බවට ඔවුන් මෙයට වසරකට පමණ පෙර පුරසාරම් දොඩනු ලැබීය.

එහෙත් රජය නිවැරදි නෛතික ක්‍රියාමාර්ග අනුගමණය කරමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පල කර තිබූ සවිස්තර වාර්තාව උපුටාගෙන පහත දැක්වේ.

මහින්ද රාජපක්ෂ නිල නිවසින් නික්ම යද්දී පැවසුවේ කුමක් ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගියේ ය.

එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ, “අපිට යන්න කිව්වා, අපි යනවා” යනුවෙනි.

ඔහු ප්‍රකාශ කළේ, දේශපාලන කටයුතුවල ඉදිරියටත් නිරත වන බව ය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමග රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව තිබේ.

‘ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ, නිවස යළි රජය වෙත භාර දීම සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බව ය.

“අපි නිවස භාර දෙන්නේ සතියකින්. අර ඉන්ට්වෙන්ට්‍රි ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවසින් ඉවත්වෙලා,” මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

“මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි… සියලු ම රටේ ප්‍රශ්න මම හිතන්නේ අදින් පස්සේ විසඳෙයි. ඡන්ද පොරොන්දුව මේ රටේ ජනතාවට නෙවෙයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා අද දවසේ.”

මේ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

වීඩියෝව නරඹන්න

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත යි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් ඊයේ (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයකින් තොරව සම්මත විය.

මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.

01. හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
02. හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
03. හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඊට අයත් ය.

WhatsApp

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්