හිටපු ඇමති දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ඇමති දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා ගමගේට එරෙහිව ඉකුත් ඉකුත් 2019 කාලයේ රුපියල් මිලියන 500කට ආසන්න පාඩුවක් සමෘද්ධි දෙපාර්තමේන්තුවට සිදු කිරීම සම්බන්ධයෙන් සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (24) පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව එම සංගමයේ සභාපති සෝමසිරි ලියනගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ,

“සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා සිදු වෙලා තිබෙනවා. 2019 රනිල් ජනාධිපතිගේ කාලයේ දයා ගමගේ විසින් අනීතික තනතුරු කිහිපයක් ලබා දී තිබෙනවා. ඒ අයට මිලියන ගනනක වැටුප් ගෙවලා තිබෙනවා. ඒක මූල්‍යමය අක්‍රමිකතාවක් ලෙස අපි දකිනවා. මේවා කාලයේ වැලි තලාවෙන් වසා දැමූ දේවල්. මේ තොරතුරු අපි අල්ලස් එකට භාර දුන්නා. ඒ වගේම දයා ගමගේ දේශපාලන හිතවත්කම්වලට සමෘද්ධි දෙපාර්තමේන්තුව යොදාගෙන සහනාධාර පවා දීලා තියෙනවා. මේ අය සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා කරලා තිබෙනවා.

එදා සජිත් ප්‍රේමදාසත් ඇමති කෙනෙක්. ඔහුත් මේ කැබිනට්වල ඇමතිවරයෙක්” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්