උණුසුම් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්

උණුසුම් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්

අද (24) දිනයේදී මිනිස් සිරුරට දැනෙන ප්‍රදේශ රැසකම උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර හා උතුරු-මැද පළාත්වලත්, යාපනය, කිළිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ ඒ අතරට ඇතුළත් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ අවශ්‍ය පරිදි විවේක ගැනීම සිදු කළ යුතු බවත් එළිමහනට යෑමේදී සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්