නාලක ගොඩහේවාගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි…

නාලක ගොඩහේවාගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි…

ජනමාධ්‍ය ඇමති සහ නගර සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා අද (21) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය දෙකක පමණ කාලයක් හිටපු ඇමති නාලක ගොඩහේවාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn