ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනිය වෙනුවෙන් හෙට (22) පෙරවරු 8.30 ට නම් කරන බව එහි සභාපති උදිත ගයාෂාන් ගුණසේකර පවසයි.
මෙම අවස්ථාවට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සහභාගි වීමට නියමිතය.
එමෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කෘතහස්ත ගේය පද රචක කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණ ගී පද රචකයන්ද එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
ආචාර්ය නන්දා මාලිනි මැදිරිය විවෘත කිරීමෙන් අනතුරුව නන්දා මාලිනියගේ ඡායාරූපයක්ද මෙහිදී නිරාවරණය කිරීමට නියමිතය.
මීට අමතරව ඇයට තිළිණ ප්‍රදානයක් සිදු කිරීමටද නියමිත බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති පවසයි.
343










