දේශබන්දු රාජපක්ෂ පවුලම පාවා දෙයි?

දේශබන්දු රාජපක්ෂ පවුලම පාවා දෙයි?

ගෝල්ෆේස් සාමකාමී අරගලයට රාජපක්ෂ මැරයන් ප්‍රහාර එල්ල කිරීම වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එවකට කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රාජපක්ෂ පවුල ම පාවා දෙනු ඇතැයි නිරීක්ෂකයන් අනාවැකි පළ කරති.

මේ වනවිටත් එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කළ බවට ප්‍රකාශ කර තිබේ. ඔහුගේ නීතිඥවරයා ඊයේ (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක ඇමතිවරයා ඉක්මවා ගොස් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත දේශබන්දු තෙන්නකෝන් ක්‍රියා කර තිබේ. අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති කරුණු අනුව ගෝඨාභය රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කිරීමට සිදු වී තිබේ.

මේ අතර, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව සඳහන් කිරීම දේශබන්දු තෙන්නකෝන්ගේ ආරම්භ පමණක් වන අතර, තවත් බොහෝ අපරාධ පිටුපස සිටි රාජපක්ෂලා ද හෙළි කරනු ඇතැයි අනාවැකි පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්