බෙලිඅත්ත මහ හීල්ල පැරකුම් ප්‍රජා ජල ව්‍යාපෘතියට අයත් ජී.අයි. බට 11ක් රාත්‍රී කාලයේදී හොරකම් කර පෞද්ගලික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව, පොහොට්ටු පක්ෂයට බලය හිමි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්ත මහ හීල්ල ප්‍රදේශ වාසියෙකු විසින් බෙලිඅත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලට ආදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා ප්‍රාදේශීය සභාපතිවරයා ඊයේ (29) පෙරවරුවේදී බෙලිඅත්ත පොලීසියට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුනසිංහ, මහහීල්ල පැරකුම් ප්‍රජා ජල ව්‍යාපෘතියේද සභාපති ලෙස කටයුතු කරන අතර එම ජලව්‍යාපෘතියට අයත් භාන්ඩ ගබඩා කොට ඇත්තේ ඔහුගේ සහෝදරයෙකුගේ නිවසේ බවත් ඊයේ (28) රාත්‍රියේ එම නිවසේ ගබඩා කොට තිබූ ජී.අයි බට 11ක් කපා පෞද්ගලික ආයතනයක ලොරි රථයකට පටවන බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය පටවන ලද ජී.අයි බට හා ලොරි රථය අත් අඩංගුවට ගෙන පොලීසියට රැගෙන විත් ඇත.
පැමිණිලිකරු චෝදනා කරන්නේ සභාපති සිරිල් මුණසිංහ විසින් මෙම බට තොගය පෞද්ගලික ආයතනයකට අලෙවි කොට රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක (රු. 255,000) මුදලක් ලබාගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ බෙලිඅත්ත පොලීසිය බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අත් අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර ඇත.
මෙම සභාපති සිරිල් මුණසිංහ මීට පෙර අවස්ථා කිහිපයකදීම බ්ලොක් ගල් හොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගෙන නඩු කටයුතු ක්‍රියාත්මකව ඇති අයෙකි.
ආශ්‍රිත පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මහින්දගේ සභාපති සිමෙන්ති ගල් කොල්ලය
පොහොට්ටුවේ බෙලිඅත්ත සභාපති අත්අඩංගුවට











