පොහොට්ටු පක්ෂයට බලය හිමි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා බෙලිඅත්ත පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 18 වැනි දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන සරත් ලෝගුරුගේ මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් මත මොහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව සිට ඇත.
ඒ අනුව සභාපතිවරයා අද පොලිසිය වෙත බාරවිමෙන් පසු මෙසෙල අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
7









