පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් රජයේ තනතුරු දරන බවට හැඳුනුම්පත් සකසා පුද්ගලයන් රට පන්නන ජාවාරමක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සිදු කරගෙන යන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළිකරයි.
මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මෙම ජාවාරම සිදු කරගෙන යන බවත් දැනට පුද්ගලයන් හතළිහක් පමණ විවිධ රටවල්වලට පිටත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව, ඉදිරියේදී මීට අදාළ පුද්ගලයන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල ඡායාරූප පිටපත් සහ රටවල් මොනවාද යන්න හෙළි කරන බවත් එක් පුද්ගලයකුගෙන් මේ සඳහා රුපියල් ලක්ෂ 30ත් 45ත් අතර මුදලක් අය කරන බවත් එක් මන්ත්‍රීවරයෙකුගේ නමින් මෙම හැඳුනුම්පත සකසා ඇති බවත් ඔහු අනාවරණය කරයි.
අදාළ මන්ත්‍රීවරයා එම අදාළ පුද්ගලයා අදාල රටට රැගෙන ගොස් දිනකින් පසු මන්ත්‍රීවරයා යළි මෙරටට පැමිණෙන බවද ඔහු හෙළිකරයි.
දැනට බ්‍රසීලය, කොරියාව, ජපානය වැනි රටවල්වලට මෙසේ පුද්ගලයන් පිටත් කර යවා ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ලෙස මෙසේ හැඳුනුම්පත් සකසා සිදු කරන මෙම ජාවාරමෙන් ලාංකේය ශ්‍රමිකයන්ට පිටරට යාමට තිබෙන අවස්ථාව අහිමි කරනවා පමණක් නොව මෙමගින් මෙරට කෙරේ ඇති කීර්තිය පළුදු වන බවත් ඔහු පවසයි.
ඉදිරියේදී මේ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් බවද හෙතෙම වැඩිදුරට ත් සඳහන් කළේ ය.










