ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය ඊයේ (28) සිට අවලංගු වන බව මහ බැංකුව සඳහන් කරයි.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37 (3) වගන්තියට අනුව වන අතර එම ආයතනයට 2022 දෙසැම්බර් 28 දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවසර නොමැත.
එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින්, “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකයද අවලංගු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.
“බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම” සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගවලට අනුකූලව “එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී” (එවකට එස්.එම්.බී. ලීසිං පීඑල්සී) ආයතනය විසින් “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ තැන්පතු නැවත ගෙවීම සඳහා දැක්වූ දායකත්වය මත “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයෙහි හිමිකම් නොපෑ තැන්පතු වගකීම් ඊට අනුරූපී වත්කම් සහ අදාළ තැන්පතුකරුවන්ගේ තොරතුරු සමග “එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී” ආයතනය වෙත පවරනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.










