ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ කම්කරු පක්ෂය සමත්ව ඇති අතර ඒ අනුව කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත.
ඊයේ (21) මැතිවරනයෙන් එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහාත් නියෝජිතයන් තෝරා ගැනීමට නියමිතය. එමෙන්ම මෙය ඔස්ට්‍රේලියාවේ 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණය යි.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තම පක්ෂය වූ ලිබරල් පක්ෂයත් තවත් ස්වාධීන පක්ෂ සමඟ සන්ධානගතවී දක්ෂිණාංශික කොන්සවර්ටිව් පක්ෂ රජයක් පිහිටුවා ගත්තේ 2013 දී වන අතර මෙවර අත්වූ පරාජයත් සමඟ තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබෙන බව වාර්ථා වේ.
ඊයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ආසන 72කට වඩා දිනා ගැනීමට හැකිවූ අතර අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමි කර ගැනීමට හැකිවූයේ ආසන 51ක් පමණි.
ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළත් ඔවුන් බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි වන්නේ නම්, ස්වාධීන පක්ෂ සමඟ එක් වී හවුල් රජයක් පිහිටුවීමට සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










