ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයට, හෝල්ට් අසුන සඳහා කම්කරු පක්ෂයෙන් ඉදිරිපත් වුනු 34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වුනු ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වේ.
කැසෙන්ඩ්‍රා ඇයට වයස අවුරුදු 11 දී ඔහු ඇගේ පවුලේ අය සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වී තිබේ.
තවත් ශ්‍රී ලාංකිකයෙකු වන ලිබරල් පක්ෂය නියෝජනය කළ රාන්ජ් පෙරේරා ඇය සමග තරග කර පරාජයට පත් වූ අතර 57.5% ප්‍රතිශතයක් ලබා ගනිමින් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40,187කි. රාන්ජ් පෙරේරා 42.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ඔහු ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව 29,732කි.
තවද මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තරග කිරීම විශේෂත්වයකි.
0










