සුප්‍රකට මල්වානේ ඉඩම සහ නිවස තමන්ගේ නොවන බව බැසිල් රාජපක්ෂ ගම්පහ මහ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණද එය බැසිල්ගේම බව දොම්පෙ පොලිස්ථානාධිපතිවරයා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව දැනුම්දී ඇත.
මේ බව ජාතික ජන බලවේගයේ නීතීඥයෝ අද (22) පැවත්වූ මාධ්‍ය හමුවකදී නීතීඥ අකලංක උක්වත්ත විසින් හෙළිකරණු ලැබීය.
පසුගිය 10 වෙනිදා දහවල් කාලයේ මල්වානේ නිවසට ගිනිතබා ඇති අතර ඒ පිළිබඳ පොදු දේපල පනත යටතේ කරුණු දක්වා ඇති බවත් එසේම දොම්පෙ පොලිස්ථානාධිපති විසින් මෙම ඉඩම බැසිල් රාජපක්ෂට අයත් එකක් බවත් අධිකරණට වාර්තා කර ඇත. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියේ මෙම පරස්පරවිරෝධී කරුණු දැක්වීම් සහ පොදු දේපල පනත යටතේ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇතැයි එම මාධ්‍ය හමුවේදී හෙළිකරණු ලැබීය.
1










