ඩීල් නැත්නම් ස්ථාවරත්වයක් නැහැ… වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන ඩීල් කාරයා යැයි සමහර අය පවසන බවත් ඩීල් නැති නම් දේශපාලන ස්ථාවරත්වයක් නැති බවත් ඩීල් බැරිය ඇයට දේශපාලනය කළ නොහැකි බයත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන පවසයි.

රට හදන්න නම් ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වසර 20ක් අඛණ්ඩව ඉදිරියට යන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමට බවද ඔහු සඳහන් කරයි.

සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත් වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

“වජිර ඩීල් කාරයා කියලා සමහර අය මටත් කියනවා. ඩීල් බැරි නම් එයාට දේශපාලනය බැහැ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා. ඩීල් එකක් නැති නම් දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ”

Facebook
Twitter
LinkedIn