හදිසි නීතිය අවසන්

හදිසි නීතිය අවසන්

පසුගිය 06 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුළු දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් අවසන්විය.

හදිසි නීතිය පනවමින් නිකුත්කරනු ලබන ගැසට් නිවේදනය දින 14ක් යාමට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු නොලැබුවහොත් එය දින 14කින් අහෝසි වේ. ඒ අනුව පසුගිය 06 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීම නිසා හදිසි නීති තත්වයද ඒ සමගම අහෝසි වී යන්නේය.

Facebook
Twitter
LinkedIn