මිරිහානේදි බසයට ගිනිතැබූ, ගාලු මුවදොර මැර ප්‍රහාරයට සම්බන්ධ පොහොටුවේ පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට

මිරිහානේදි බසයට ගිනිතැබූ, ගාලු මුවදොර මැර ප්‍රහාරයට සම්බන්ධ පොහොටුවේ පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට

පසුගිය දා මිරිහාන ජනාධිපති නිල නිවස ඉදිරිපිට බස් රථයට ගිනිතැබූ බවට හඳුනාගෙන ඇති, අරලියගහ මැදුරේ සිට පැමිණ ගාලු මුවදොර අරගල භූමිට කඩා වැදී එල්ල කළ මැර ප්‍රහාරයට සම්බන්ධ පොහොට්ටු සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පාතාල කල්ලි හා සම්බන්ධකම් පවත්වන බවට අනාවරණය වී ඇති, පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් බව පැවසෙන අශාන්ත නාලක හෙවත් සතා නාලක නැමැත්තා බව පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගල කරුවෙකුගේ හිසට යකඩ පොල්ලකින් පහර දී මාරාන්තික තුවාල සිදුකිරීමේ අපරාධයටය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුව අසළදී පැවති විරෝධතාවයක් අතරතුර ඔහු එම ස්ථානයටද පැමිණ විරෝධතාකරුවන්ට එරෙහිව මත ප්‍රකාශකරනු දක්නට ලිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්