පසුගිය මැයි 09 වන දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර තිබෙන සාමකාමී උද්ගෝෂණවලට පහර දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ සිටී.
පොලිස්පතිවරයා අද පස්වරු 2.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබූ අතර ඔහුට අමතරව විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සහ පොලිස් විශේෂ කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඔවුන්ගෙන්ද ප්‍රකාශ ලබාගනිමින් තිබෙන බව වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ, අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර අරගලකරුවන්ට 09 වෙනිදා පහරදුන් පිරිසට අරලියගහ මන්දිරයේ සිට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම සහ පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවය.










