රුසියාවෙන් අඩුමිලට දෙන තෙල් ලංකාව මගහරී

රුසියාවෙන් අඩුමිලට දෙන තෙල් ලංකාව මගහරී

රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට ‌අඩු මිලට ‌බොරතෙල් ලබා දීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැතැයි වාර්තා වේ.

තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක් දැන් සූවස් ඇල වෙත පැමිණ ඇතැයිද වාර්තා වේ.

රුසියාවේ උගරල්ප් තෙල් නිශ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර මේ වනවිට රුසිය – යුක්රේන් යුධ තත්වය හේතුවෙන් රුසියාවට එම තෙල් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇතැයිද පැවසේ.

සූවස් ඇළේ සිට රුසියානු තෙල් නැව්වලට කඩිනමින් කොළඹ වරායට පැමිණිය හැකි මුත් ශ්‍රී ලංකාව තවදුරටත් මැදපෙරදිගින් තෙල් මිලට ගැනීමට ක්‍රියා කරණ බව හෙළි වී ඇත.

“ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ ව්‍යාපාරික ජාලය රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදී ගැනීමට ඉඩ දෙන්නේ නැත. මේ තෙල් ඒකාධිකාරිය එක දිගට ක්‍රියාත්මක වෙනවා” යැයි ආරංචි මාර්ග පැවසීය.

දිවයින

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්