චීනය චන්ද්‍ර පාෂාණ රැගත් තෙවැනි රටවීමේ අපේක්ෂාවෙන්

චීනය චන්ද්‍ර පාෂාණ රැගත් තෙවැනි රටවීමේ අපේක්ෂාවෙන්

චන්ද්‍රයා මතුපිට ඇති පස් සහ පාෂාණ කොටස් ලබාගැනීමේ අරමුණින් මහජන චීනය අද(24) මිනිසුන් රහිත අභ්‍යවකාශ යානාවක් ගුවන් ගත කළේය.

චන්ද්‍රයාගේ ආරම්භය සහ ගොඩනැගීම සම්බන්ධව විද්‍යාත්මක තොරතුරු එක්රැස් කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව චීන විද්‍යාඥයෝ පවසා තිබේ. පුරාණ චීන දෙවතාවියකගේ නමින් , චැං – 5 මෙහෙයුම ලෙස මෙය නම්කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අභ්‍යවකාශ යානාව අද පෙරවරුවේ අභ්‍යවකාශ ගතකර තිබෙන අතර සඳ මතුපිට පස් සහ පාෂාණ සාම්පල ලබාගැනීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් මාසයේ , යානාව පෘථිවියට ලඟාවීමට අපේක්ෂා කර තිබේ.

මීට පෙර ඇමරිකානු සහ සෝවියට් රුසියානු ගඟනගාමීන් විසින් සඳ මතුපිට පස් සාම්පල පෘථිවියට රැගෙනවිත් තිබෙන අතර මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වුවහොත් සඳ මතුපිට පාෂාණ සාම්පල පෘථිවියට රැගෙන ආ තෙවැනි රට ලෙස මහජන චීනය ඉතිහාස ගතවේ.

Facebook
Twitter
LinkedIn